2024 කාන්තා ආසියානු කුසලාන ශූරියන් බවට පත්වී, අපේ සිංහ දෙනුවන් මංගල ආසියානු කුසලානය මෙරටට ගෙනා හැටි.. (Video)
Monday, 29 July 2024 - 7:51 | Views - 300
2024 කාන්තා ආසියානු කුසලාන ශූරියන් බවට පත්වී මංගල ආසියානු කුසලානයක පහස විඳදරා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (28) සමත් වුණා.

ඒ කඩුළු 08කින් ඉන්දියාව පරාජයට පත් කරමින්.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (28) ආරම්හ වූ 2024 කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 165ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී යාමෙන්.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කාන්තා කණ්ඩායමේ Shafali Verma ලකුණු 16ක්ද, නායිකා Harmanpreet Kaur ලකුණු 11ක්ද, Uma Chetry ලකුණු 09ක්ද, Jemimah Rodrigues ලකුණු 29ක්ද, අගනා ඉනිමක් ක්‍රීඩාකළ Smriti Mandhana ලකුණු 60ක්ද, Richa Ghosh ලකුණු 30ක්ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කවීෂා ඩිල්හාරි කඩුළු 02ක්ද, චමරි අතපත්තු, උදේෂිකා ප්‍රබෝධානි සහ සචිනි නිසංසලා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව, ආසියානු කුසලාන සිහිනය සැබෑ කරගැනීමට ලකුණු 166ක පිළිතුරු ඉලක්කයක් සහිත පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04ක් අවසානයේ කඩුළු 02ක් දැවී ලකුණු 167ක් රැස් කරගනිමින් මංගල ආසියානු කුසලානයේ පහස විඳදරා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ නායිකා චමරි අතපත්තු ලකුණු 61ක් ලබාගත් අතර, Harshitha Samarawickrama නොදැවී ලකුණු 69ක්ද, Kavisha Dilhariද නොදැවී ලකුණු 30ක්ද, රැස් කර ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේදී, ඉන්දීය කණ්ඩායමේ Deepti Sharma එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top