මාරක අනතුරින් පිය - පුතු දෙදෙනාම එකට අවසන් ගමනේ..
Friday, 26 July 2024 - 16:32 | Views - 739
පිටිගල, මාපලගම මාර්ගයේ මත්තක ප්‍රදේශයේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
කියුබ් 03 වර්ගයට අයත් ටිපර් රථයක් සහ ඇල්ටෝ වර්ගයේ කාර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පිටිගල පොලිසිය පවසන්නේ.
ඊයේ (25) සවස මෙම බිහිසුණු අනතුර සිදුව ඇති අතර, එම අනතුරින් පියෙක් සහ පුතෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන්.
පියා විසින් මෙම කාර් රථය පදවා ඇති අතර, එකම පවුලේ පිරිසක් මෙම රථයේ ගමන්කර තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් ටිපර් රථ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර, පිටිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Share This Article