බැලට් පේපරෙන් කියවෙන මැතිවරණ වියදම..
Wednesday, 24 July 2024 - 15:52 | Views - 250
ඉදිරි ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 800ක් පමණ වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ පවසනවා.
මැතිවරණ දෙකක් පැවැත්වීමට ප්‍රමාණවත් කඩදාසි මුද්‍රණාලය සතුව පවතින බවයි ඇය සඳහන් කළේ.
මැතිවරණ කොමිසම හෙට දිනයේ රැස්වී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, මේ සති අන්තයට පෙර ජනාධිපතිවරණ දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති.
මේ අතර, ජනාධිපතිවරණයේදී අගල් 26ක ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදු වුවහොත් මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 600ත් 800ත් අතර මුදලක් වැය වනු ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ පවසනවා.
Share This Article