18 කට මරු කැඳවූ , නේපාල ගුවන් අනතුර..
Wednesday, 24 July 2024 - 15:48 | Views - 205

අද (24) පෙරවරු 11ට පමණ පුද්ගලයන් 19 දෙනෙකු රැගත් නේපාලයේ සෞර්‍යා ගුවන් සේවයට අයත් යානයක් කත්මණ්ඩු නුවරදී ගුවන්ගත වීමේදී කඩා වැටී ඇති අතර, එහි නියමුවා දිවි ගලවා ගත් නමුත්, යානයේ සිටි අනෙක් 18 දෙනා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නේපාලයේ කත්මණ්ඩුහි ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදීයි මෙම යානය අනතුරට පත්ව ඇත්තේ.

අනතුරට ලක්වූ Pokhara බලා පියාසර කළ මෙම ගුවන් යානයේ ගුවන් කාර්ය මණ්ඩලය ඇතුළු 19 දෙනෙකු ගමන් කර තිබෙනවා.

යානය ගුවන්ගත වීමට පටන් ගැනීමත් සමඟ ධාවන පථයෙන් ලිස්සා යාමෙන් පසු යානය ගිනිගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.

ගුවන් යානයෙන් හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති අතර, පොලිසිය සහ ගිනි නිවන භටයන් අනතුර සිදුවූ ස්ථානයේ මෙහෙයුම් සිදු කරන බව වාර්තා වෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top