පුද්ගලයන් 200කට වැඩි පිරිසකට මරු කැඳවූ , බිහිසුණු නායයෑම..
Wednesday, 24 July 2024 - 11:00 | Views - 599
දකුණු ඉතියෝපියාවේ සිදුවූ නායයෑම් දෙකකින් පුද්ගලයන් 200කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ගෝෆා කලාපයේ දුෂ්කර ප්‍රදේශයක අධික වර්ෂාවත් සමඟ පළමු නායයාම පසුගිය සඳුදා සිදු වූ අතර, දෙවන නායයාමෙන් උදව් කිරීමට රැස්ව සිටි බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි එරට මාධ්‍ය පවසන්නේ.
මෙම ව්‍යවසනයෙන් අවම වශයෙන් පිරිමින් 148ක් සහ කාන්තාවන් 81ක් මිය ගිය බව ප්‍රාදේශීය සන්නිවේදන කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.
දකුණු ප්‍රාදේශීය රාජ්‍ය නියෝජිත Alemayehu Bawdi, මරණ සංඛ්‍යාව තහවුරු කළ අතර, "සෙවීම් සහ ගලවා ගැනීමේ ප්‍රයත්නයන් සිදු වෙමින් පවතී" යනුවෙනුයි ඔහු පවසා සිටියේ.
විදෙස් මාධ්‍යය වැඩිදුරටත් සඳහන් කළේ, මියගිය අයගෙන් වැඩි දෙනෙක් මුලින්ම නාය යාමකට ලක් වූ වැසියන්ට උපකාර කිරීමට ගොස් සිටි අය බවයි.
ඉතියෝපියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන කෙමාල් හෂි මොහොමූඩ් අඩිස් අබාබා පැවසුවේ, පළමු නාය යාමෙන් “මිනිත්තු කිහිපයකට” පසු දෙවන නායයෑම සිදු වූ බවයි.
Share This Article