ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න, මෙන්න නිවේදනය..
Wednesday, 24 July 2024 - 9:33 | Views - 280
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (24) අලුයම 3ට නිකුත් කර ඇති අදාළ නිවේදනයේ ,සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය හේතුවෙන්, අරාබි මුහුදු ප්‍රදේශයේ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය හැකි බවත්, මුහුද ඉතා රළු විය හැකි බවත්, සඳහන් වනවා. සිතියමේ රතු වර්ණයෙන් දැක්වෙන මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙයින් ධීවරයින්ට හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබෙන්නේ.

Share This Article