ක්ලබ් වසන්ත ඝාතනයට තවත් දෙකක් මාට්ටු..
Wednesday, 24 July 2024 - 8:08 | Views - 374

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අතුරුගිරිය සහ බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මෙලෙස මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ, අතුරුගිරිය සහ බත්තරමුල්ල ප්‍රදේශවලදීයි.

අත්අඩංගුවට ගත් එක් අයෙකු වෙඩික්කරුවන් සහ ඔවුන් පැමිණි මෝටර් රථයේ රියදුරු කොරතොට ප්‍රදේශයේ සිට වැලිහිඳ ප්‍රදේශය දක්වා වෑන් රථයකින් රැගෙන ගොස් බස් රථයකට නංවා එම වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයට රැගෙන ගොස් සගවන ලද එහි රියදුරු ලෙසයි සැළකෙන්නේ.

අනෙක් පුද්ගලයා ඉන් අනතුරුව වෙඩික්කරුවන් සහ මෝටර් රථයේ රියදුරු වැලිහිඳ ප්‍රදේශයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ, දික්වැල්ල ප්‍රදේශය දක්වා බස් රථයකින් රැගෙන ගොස් එම බස් රථය සෙල්ලකතරගම ප්‍රදේශයේ සඟවා තබන ලද සැකකාර රියදුරු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු අදාළ සිද්ධිය සිදුවන කාලය තුළ විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සමග වට්සැප් මගින් සම්බන්ධ වී ඇති බවට ද පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

පසුව ඔහුගේ ජංගම දුරකතනය පොලිස් භාරයට ගනු ලැබුවා.

මෙම සැකකරුවන් දෙදෙනා අවුරුදු 26 සහ 36 යන වයස් වල පසුවන වැලිපැන්න සහ අහුංගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

මිට පෙර ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු හත්දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබුණා.

ඒ අනුව, සැකකරුවන් 8 දෙනා අගෝස්තු 5 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top