වාඩියක සිරුරක් - තරුණයින් දෙදෙනෙකුට මාංචු
Monday, 22 July 2024 - 12:25 | Views - 236
හම්බෙගමුව - කුකුල්කටුව ප්රදේශයේ හේනක සකසා තිබූ වාඩියක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඊයේ (21) උදෑසන හම්බෙගමුව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී එම සිරුර හමු වී තිබෙන බවයි..
කෙසේ වෙතත්, මේ වන විට එය පහරදීමකින් සිදූ වූ ඝාතනයක් බවට හෙළි වී තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 51 හැවිරිදි මහගම, මතුගම ප්රදේශයේ සිට පැමිණ හම්බෙගමුව - කුකුල්කටුව ප්රදේශයේ වගා කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා තවත් දෙදෙනෙකු සමඟ එම වාඩියේ මත්පැන් පානය කරමින් සිට ඇති අතර, එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු තියුණූ ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙන්නේ.
කෙසේ වෙතත්, ඝාතනය සිදුකළ බවට සැකපිට 25 හැවිරිදි සහ 27 හැවිරිදි වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article