ලෝක මස්තිෂ්ක දිනය අදයි.. (Video)
ලෝක මස්තිෂ්ක දිනය අදට (22) යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව වන්නේ ‘ආඝාතය වළක්වා ගැනීම‘ යන්නයි.
මොළයට රුධිරය සපයන්නා වූ රුධිරවාහිණීවල අවහිරතාවයක් ඇති වීම නිසා ඉතා ඉක්මනින් මොළයේ ක්‍රියාකාරිත්වය අඩපණවීම හේතුවෙන් ආඝාතය නැමති තත්ත්වය ඇතිවනවා.
මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ කියා සිටියේ මෙරට සෑම පුද්ගලයින් 04 දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාත රෝගී තත්ත්වය වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බවයි.