ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි වසර හතරක සිර දඬුවමක් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥණසාර හිමියන් අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද (22) නියම කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම නියෝගය ලබා දුන්නා.
සිර දඬුවම් නියම වීමෙන් පසුව ඥණසාර හිමියන් විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කළා.
එම ඇපෑල විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු තමන් වහන්සේව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඥණසාර හිමියන් කළ ඇප ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෑතකදී ප්‍රතික්ෂේප කර තිබුණා.
එම මහාධිකරණ නියෝගයට අනුව ඥණසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය උන්වහන්සේ ඇපමත මුදා හරින ලෙස පසුගියදා නියෝග කළා.
එම අභියාචනාධිකරණ නියෝගය පරිදි උන්වහන්සේ අද කොළඹ මහාධිකරණය විසින්ම ඇප මත මුදා හරිනු ලැබුවා.