අයියාගේ මධුසමය දා , පෙම්වතා සමඟ හෝටලයට පැමිණි නංගී ට සිදු වූ දේ...
Monday, 22 July 2024 - 10:36 | Views - 343

විවාහ වී මධුසමය ගත කරමින් සිටි අයියා ඇතුළු පිරිස සමඟ හෝටලයේ නාන තටාකයේ නාමින් සිටි නංගී දියේ ගිලී මියගොස් තිබෙනවා.


මෙසේ මියගොස් ඇත්තේ, අම්බලන්ගොඩ ගොඩහේන, කුලරත්න පාරේ අංක 64/5 හි පදිංචිව සිටි තුයියලාගේ මනීෂා සෙව්වන්දි නමැති අවිවාහක තරුණියක්.

මීට මාස දෙකකට පමණ ඉහතදී, විදේශ රටක සිට පැමිණි සොහොයුරාගේ විවාහ මංගල උත්සවය හික්කඩුව, පින්නදූව ප්‍රදේශයේ හෝටලයක පවත්වා මධුසමය ගත කිරීමට අහුන්ගල්ලේ හෝටලයකට පසුගිය 18 වැනිදා පැමිණ තිබෙනවා.

මනාල යුවළගේ සුව දුක් විමසීමට පසුදා වන 19 වැනිදා පෙරවරු නවයට පමණ මව සහ නැගෙනිය විවාහ වීමට සිටි පෙම්වතා සමඟ හෝටලයට පැමිණ ඇති අතර,

එහිදී , නාන තටාකයේ නෑමට පුළුවන්දැයි විමසූ විට කළමනාකාරිත්වය ඊට අවසර දීමෙන් පසු දහවල් දොළහට පමණ නිවසට ගොස් ඇති මැය පෙම්වතා සහ අසල්වැසි නිවසක කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු සමඟ පැමිණ නාමින් සිටියදී එකවර දියේ ගිලී තිබෙනවා.

එහි සිටි පිරිස ඇය වහා නාන තටාකයෙන් ගොඩට ගෙන බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.
Share This Article
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top