අද සිට වෙනස් වූ මිල .... (Video)
Monday, 22 July 2024 - 8:42 | Views - 710

හෙට සිට බිත්තරයක් රුපියල් 42කට වෙළෙඳ පොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

මේ වන විට රුපියල් 50 ද ඉක්මවා ඇති බිත්තරයක මිල මෙලෙස අඩු කෙරෙන්නේ යළිත් වරක් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර ඇති පසුබිමකයි.

පසුගිය වසරේ සිට බිත්තර මිල වාර්තාගත ලෙස ඉහළ යාම හමුවේ පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත්වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගත්තා.

ඒ අනුව සතොස හරහා සහන මිලකට බිත්තර මිල දී ගැනීමට ජනතාවට හැකි වූ අතර, මාස 3ක පමණ කාලයක සිට සතොස වෙළෙඳ සැල්වල බිත්තර නොමැති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා.

ඒ හේතුවෙන් යළිත් වෙළෙඳ පොළේ බිත්තර මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

රජය සමග එකඟ වූ මිල ඉක්මවා බිත්තර අලෙවි වන අතර, බිත්තර වෙළෙඳ සංගම් චෝදනා කරන්නේ, රුපියල් 25ක අයුතු ලාභයක් අදාළ බිත්තර නිෂ්පාදකයින් ලබා ගන්නා බවටයි.

බිත්තර නිෂ්පාදකයින් සිය බිත්තර, වෙළෙඳ පොළට සීමිත ප්‍රමාණයකට නිකුත් කිරීම හේතුවෙන් සහ බිත්තර දමන කිකිළියන් මස් පිණිස විකිණීම හේතුවෙන් මෙලෙස වෙළෙඳ පොළ තුළ බිත්තර හිගයක් මතුව තිබෙනවා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top