ක්ලබ් වසන්තගේ වෙඩි තැබීම සම්බන්ධව අමුතුම කරුණු රැසක් එළියට..
Saturday, 20 July 2024 - 13:14 | Views - 569
අතුරුගිරියේ සිදුවීම සම්බන්ධයෙන් බොහෝ තොරතුරු රාශියක් එළියට එමින් පවතිනවා.
වෙඩි තැබුවේ කවුද , ඒ කුමකටද යන්න ගැන තවමත් සොයමින් සිටින අතරතුර ඇසෙන වැදගත් තොරතුරක් තමයි කියන්න යන්නේ...
සුරේන්ද්ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කළ වෙඩික්කරුවන් දෙදෙනා හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
ඔවුන්ට පලා යාම වෙනුවෙන් වෑන් රථයට සහ මෝටර් රථයට අමතරව විශේෂ බස් රථයක්ද සූදානම් කර තිබී ඇතැයි හෙළි වී තිබෙනවා.
තවද , ඔවුන් දෙදෙනා ඇතුළු ඝාතනයට සම්බන්ධ වූ පිරිස මාස 06ක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 06ක මුදලක් ලබා දී අතුරුගිරිය ප්රදේශයේ කුලී නිවසක්ද ලබාගෙන සිට ඇතැයි විමර්ශණවලින් හෙළිව තිබෙනවා.
Share This Article