බංග්ලාදේශ අරගලය, 105ක් මරුට, ඇඳිරි නීතියත් පනවයි..
Saturday, 20 July 2024 - 9:37 | Views - 309
බංගලාදේශයේ සරසවි සිසුන් සහ පොලිසිය අතර පවතින ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 105ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, බංගලාදේශය පුරා පැතිර ගිය දින කිහිපයක මාරාන්තික නොසන්සුන්තාව මැඩ පැවැත්වීමට පොලිසිය අපොහොසත් වීම නිසා එරටට ඇඳිරි නීතිය පනවා ඇති අතර, හමුදාව යෙදවීමට ද නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.
විරෝධතා ආරම්භ වූ පසු පළමු වතාවට වැඩි ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ උත්සාහයක් ලෙස ඩකා අගනුවර පොලිසිය සියලුම මහජන රැස්වීම් තහනම් කිරීමට දැඩි පියවරක් ගෙන තිබෙනවා.
“මහජන ආරක්ෂාව” සහතික කිරීම සඳහා, මෙම පියවර අවශ්‍ය බව සඳහන්.
මේ අතර, මධ්‍යම බංග්ලාදේශයේ නර්සින්ඩි දිස්ත්‍රික්කයේ බන්ධනාගාරයකට කඩා වැදුණු ශිෂ්‍ය විරෝධතාකරුවෝ එම ස්ථානයට ගිනි තැබීමට පෙර එහි රැඳවියන් නිදහස් කර තිබෙනවා.
පොලිසිය සඳහන් කරන්නේ, රැඳවියන් සංඛ්‍යාව කොපමණ දැයි නොදනින නමුත් එය සිය ගණනක් වනු ඇති බවයි.
Share This Article