උතුම් වූ ඇසළ පුන් පොහෝ දිනය අදයි ! හිරු , ඓතිහාසික යුදගනාව රජමහා විහාරස්ථානයට.. (Video)
Saturday, 20 July 2024 - 8:09 | Views - 392
මෙරට බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ පොහෝය දිනයක් ලෙස ඇසළ පොහෝ දිනය දැක්විය හැකියි.

බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ උතුම් දිනයක් ලෙස අද (20) දවස සුවිශේෂී වෙනවා.

අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහමායා දේවියගේ කුස පිළිසිඳගත්තේ අද වන් දිනකයි.

එමෙන්ම සිදුහත් කුමරු ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේ ද, රාහුල කුමරුගේ උපත සිදු වන්නේ ද අද වැනි ඇසළ පුන් පෝ දිනකයි.

බුදුහිමි විසින් ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයක වීමත් විශේෂත්වයක්.

මෙවැනි උතුම් කාරණා රැසක් මූලික කරගනිමින් ඇසළ පෝය බෞද්ධ ජනතාවට ඉතාමත් සුවිශේෂී දිනයක් බවට පත් වී තිබෙනවා. 

ඇසළ පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු සීල පාරමිතා වැඩසටහන ඓතිහාසික යුදගනාව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් අද දවස පුරා ක්‍රියාත්මකයි.

උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු සීල පාරමිතාව උදෑසන ආරම්භ වුණා.

ඒ යුදගනාව රජමහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ගල්තැන්වත්තේ නන්දරතන හිමියන්ගේ මෙහෙයවීමෙන්.

උදෑසන 7.30 ට පෝදා ධර්ම දේශනය, පූජ්‍ය හසලක සීලවිමල හිමියන් විසින් සිදුකිරීමට නියමිතයි.

විශේෂ ධර්ම සාකච්ඡාවක් පෙරවරු 08.30 සිට 10.00 දක්වා පැවැත්වෙන්නේ පූජ්‍ය එළමල්දෙණියේ සාරානන්ද හිමියන් සහ පූජ්‍ය පොළොන්මාරුවේ වාචීස්වර හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

අනතුරුව පෙරවරු 11 ට කාව්‍යමය ධර්ම දේශනාව කාව්‍යශූරී, කාව්‍ය විශාරද පූජ්‍ය මාපිටියේ සිරිසුමන හිමියන් විසින් සිදුකිරීමට නියමිතයි.

පස්වරු 3.30 ට කාලීන ධර්ම සාකච්ඡාව පූජ්‍ය නාපටවන ධම්මානන්ද හිමි, රාජකීය පණ්ඩිත පූජ්‍ය වරාවැවේ සමිත හිමි සහ පේරාදේණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය මහින්ද හේරත්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top