22 ගැසට් කළ ද , ජනාධිපතිවරණයට බාධාවක් නැහැ - මැ . කො
Friday, 19 July 2024 - 16:27 | Views - 242
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ගැසට් කර තිබෙනවා.ඒ, ජනාධිපතිවරයාගේ නියෝගයෙන් බවයි සඳහන් වෙන්නේ. එසේම, 22 වැනි අණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කළ ද ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.කෙසේ වෙතත්, මෙම සංශෝධනය ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාවේ සඳහන් වසර 06ක් ඉක්මවා යන වචනය වෙනුවට වසර 05ක් ඉක්මවා යන වචනය ආදේශ කිරීම වෙනුවෙනුයි. මෙලෙස අද (19) එම ගැසට්ටුව ජනපති නියමයෙන් පළ කෙරුණේ, එය ගැසට් කිරීමෙන් වළකින බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ (18) නිවේදනය කළ පසුබිමකයි.

Share This Article