ලොව පුරා ප්‍රබල IT ඇණහිටීමක් , ගුවන් ගමන් ඇතුළු ආයතන රැසකට බාධා.. (UPDATE..)
Friday, 19 July 2024 - 13:57 | Views - 1,037
Up date..

ලොව පුරා මේ වන විට පවතින තොරතුරු තාක්ෂණ ඇනහිටීමෙන් ශ්‍රී ලංකාවේ පෞද්ගලික ආයතන කිහිපයක සේවාවන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.


හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) මේ බව සඳහන් කළා.

-------------------------------------------------------------------------------------------------------------

ලොව පුරා ගුවන් සේවා සහ බැංකු ඇතුලු ප්‍රධාන පෙළේ ක්‍ෂේත්‍රවලට බලපාන ප්‍රබල තොරතුරු තාක්ෂණ ඇනහිටීමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව, ඕස්ට්‍රේලියාවේ ගුවන් සේවා සහ ගුවන් තොටුපල ආශ්‍රිතව තාක්ෂණ ගැටළු වාර්තා වී ඇති අතර, බොහෝ ගුවන් ගමන් නවතා දමා ඇති බව සඳහන්.

මෙලෙස තාක්ෂණික ඇණහිටීම් සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මෙය යථා තත්වයට පත් කෙරෙන තුරු යම් අපහසුතාවක් පවතින බවයි මයික්‍රොසොෆ්ට් සමාගම පෙන්වා දී තිබෙන්නේ.

බි්‍රතාන්‍යය, ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයකින් ප්‍රධාන වශයෙන් මෙම තත්වය වාර්තා වී ඇති අතර, ලන්ඩන් කොටස් වෙළඳපොලටද මේ හේතුවෙන් බලපෑම් එල්ල වී ඇතැයි සඳහන්.
-------------------------------------------------------------------------------------------------------

'' ලොව පුරා මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් භාවිතා කරන්නන් දැනට "Blue Screen of Death" (BSOD) දෝෂය අත්විඳිමින් සිටින අතර, එමඟින් ඔවුන්ගේ පද්ධති හදිසියේම වසා දැමීමට හෝ නැවත ආරම්භ කිරීමට සිදුවෙනු ඇති.

ගෝලීය සයිබර් ආරක්ෂණ සමාගමක් වන CrowdStrike හි මෑත යාවත්කාලීන කිරීමක් හේතුවෙන් ඇති වූ දෝෂයක් නිසාවෙන් පරිශීලකයින්ට විවිධ Microsoft 365 යෙදුම් සහ සේවාවන් වෙත ප්‍රවේශ වීමට නොහැකි වී තිබෙනවා. ''

No description available.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top