බංග්ලාදේශය යුද පිටියක් වෙයි - අන්තර්ජාලයට ද තිත.. රාජ්‍ය විකාශයටද තිත.
Friday, 19 July 2024 - 11:44 | Views - 401

බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් රට තුළ ගැටුම්කාරී වාතාවරණයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

පොලීසිය විසින් විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකර ඇති අතර, කටකතා පැතිරීම වැලැක්වීම සඳහා ජංගම දුරකථන සඳහා අන්තරජාල පහසුකම් අත්හිටුවීමට ද පියවෙර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, බංග්ලාදේශ සිසුන් විසින් රාජ්‍ය විකාශක ගොඩනැගිල්ලට ගිනි තබා ඇති අතර, එයින් එම විකාශය ද නතර වී ඇති බව සඳහන්.

එසේම, මෙම ගැටළුවලට මුලිකම හේතුව වී තිබෙන්නේ.

නිදහස් සටන සඳහා එක්වූ, පවුල්වල දරුවන් සඳහා රැකියාවලින් 30%ක් වෙන් කිරීමට රජය ගෙන ඇති තීරණය ඉවත්කර ගන්නා ලෙස කළ ඉල්ලීමයි.

තවද එම විරෝධතාවලට රජය දැක්වූ නොමනා ක්‍රියාමාර්ග හේතුවෙන්, මෙම විරෝධතා තවත් දරුණු තත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඇතිවූ ගැටුම් හේතුවෙන්, මේ වන විට 39 දෙනෙකු මියගොස් විශාල ගණනක් තුවාල ලබා තිබෙන බවද සඳහන්.

ඩකා ටයිම්ස් ඔන්ලයින් ආයතනයේ, අවුරුදු 32 වයසැති ජනමාධ්‍යවේදියෙකු ද ඒ අතර වෙන බව වාර්තා වල සඳහන්. 

සතියේ වැඩ කරන දවසක් වුවද මෙම විරෝධතා යුද්ධය හේතුවෙන්, බංගලාදේශයේ කිසිදු පුවත්පතක් හෝ අන්තර්ජාල පුවත් සපයන ආයනතයක තොරතුරු හෝ යාවත්කාලීන වී නොමැති බවද වාර්තාවල සඳහන්. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top