නව ක්‍රමවේදයෙන් නොසන්සුන් වූ PASSPORT කන්තෝරුව..
Friday, 19 July 2024 - 11:09 | Views - 314
මේ කියන්න යන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ අද (19) උදෑසන ඇතිවූ තත්ත්වයක් ගැනයි..
අද එම ස්ථානයේ විශාල තදබදයක් ඇති වී තිබෙනවා..
අප වාර්තාකරු සඳහන් කළේ, පෙර ලියාපදිංචි නොවී ආගමන විගමන දෙපාර්තමේන්තුවට පුද්ගලයින් පැමිණීම හේතුවෙන් මෙම තදබදය ඇති වී ඇති බවයි...
කෙසේ වෙතත්, බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මීට පෙර පියවර ගෙන තිබුණා..
ඒ අනුව, ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පූර්ව ලියාපදිංචි වීමක් සිදු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දී තිබුණා..
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එහිදී පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ප්‍රමුඛතා ක්‍රම වේදයකට අනුව ලබාදීම සිදුවන බවයි..
Share This Article