විමසිලිමත්වන්න - මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවා ද ?
Thursday, 18 July 2024 - 14:05 | Views - 637

සමාජයේ සෑම 4 දෙනෙකුගෙන් එක් අයෙකුටම ආඝාතය තමන්ගේ ජීවිත කාලය තුළ වැළඳීමේ ප්‍රවණතාවයක් ඇති බව විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ පවසනවා.වෛද්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (17) පැවති ආඝාතය වළක්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.ආඝාතය යනු මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක් අවහිර වීම නිසා හෝ පුපුරායාම නිසා හදිසියේ ඇති වන රෝග තත්ත්වයක්.එහිදී වෛද්‍යවරයා පවසා සිටියේ ආඝාතය හඳුනා ගැනීමට ප්‍රධාන රෝග ලක්ෂණ 03ක් පවතින බවයි.එනම් කට පැත්තට යෑම, අත හෝ කකුලක් පණ නැති වීම, භාෂාව හැසිරවීමේ ප්‍රශ්නයක් ඇති වීම යන ලක්ෂණයි.මෙයට අමතරව,සිරුරේ එක් පැත්තක අත සහ කකුල අකර්මන්‍ය වීමසිරුරේ එක් පැත්තක ඇතිවන හිරි වැටීමකථනය අකර්මන්‍ය වීම හෝ වෙනස් වීමමුහුණේ එක් පැත්තක ක්‍රියාකාරිත්වය අඩු වීමවමනය, කරකැවිල්ල සහ සමබරතාවය නැති වී යාමගිලීමේ අපහසුතාවයඑක් ඇසක් නොපෙනී යාමආදී රෝග ලක්ෂණද දැකගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ට්‍රරෝල් වැඩිවීම, ස්ථූලතාවය හා දුම්පානය ආදී කරුණු නිසා මෙම රෝග තත්ත්වය උත්සන්න වන අතර, ඒ පිළිබඳව ඉතා සැලකිලිමත්වන ලෙසයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
Share This Article