දෙව්මිගේ මරණයේ සුලමුල එළියට , මව පොලිස් භාරයට (Video)
Thursday, 18 July 2024 - 12:30 | Views - 735
රුවන්වැල්ල පොලිස් වසමේ යටියන්තොට ප්‍රදේශයේ මිය ගිය සිව් හැවිරිදි දැරිය ඇයගේ මව විසින් ළිඳට දමා ඝාතනය කර ඇතැයි අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (17) දින, එම දැරිය පදිංචි ප්‍රදේශයේ ළිඳකට වැටී මිය ගොස් ඇතැයි රුවන්වැල්ල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ අතර,
මියගිය දැරිය අවුරුදු 4යි මාස 10ක් වයසැති කිරිපෝරුව වත්ත, යටියන්තොට ප්‍රදේශයේ පදිංචි දෙව්මි අමායා නම් වනවා.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය පසුගිය 16 වනදා රාත්‍රී 11ත් පසුදින අලුයම 5.30ත් අතර කාලයේ සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ.
එසේම මෙම පරීක්ෂණවලට අදාළව, දැරියගේ මව විසින් දැරිය ළිඳට දමා ඝාතනය කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
තවද, මියගිය දැරියගේ මව ගොළු කාන්තාවක් වන අතර, ඇය අසනීප තත්ත්වයෙන් පසුවූ බැවින් කරවනැල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වැඩිදුරටත් සඳහන්.
දැරියගේ මෘත ශරීරය මේ වනවිට ඥාතීන්ට භාර දී ඇති බවද සඳහන් වන අතර, වැඩිදුර පරීක්ෂණ රුවන්වැල්ල පොලිසිය විසින් මෙහෙයවනු ලබනවා.
Share This Article