ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට ඇප (Video)
Thursday, 18 July 2024 - 11:54 | Views - 651
බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් අද (18) විභාගයට ගැනුණු අවස්ථාවේදියි.
කෙසේ වෙතත්, මීට පෙර නියම කර තිබෙන වසර හතරක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා විත්තිකාර ඥාණසාර හිමියන් ඇපමත මුදාහරිණ ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මීට පෙර පසුගිය අප්‍රියෙල් 02වනදා , පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් කළ ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
Share This Article