පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අනතුරකට ලක්වෙයි
Thursday, 18 July 2024 - 11:12 | Views - 389
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අනතුරට ලක් වී තිබෙනවා.
අද (18) උදෑසන මෙම අනතුර සිදුවි ඇත්තේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී යි.
මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය සහ මෝටර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් නාරහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී නාරාහේන්පිට පොලිසිය පවසා සිටියේ.
කෙසේ වෙතත්, මන්ත්‍රීවරයාගේ තත්ත්වය බරපතල නොවන බවයි සඳහන් වන්නේ.
Share This Article