'' දැන් ආණ්ඩුව තමන්ගේ පැවැත්ම උදෙසා කරන්න පුළුවන් ජහ ජරා දේවල් ඔක්කොම කරනවා'' - සජිත් (Video)
Thursday, 18 July 2024 - 10:12 | Views - 360


බලය රැකගැනීමට වර්තමාන රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකිණීමටද සූදානම්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, සක්වල 326 වැනි වැඩසටහනට පොළොන්නරුව - දිඹුලාගල අරලගංවිල විලයාය ප්‍රාථමික විද්‍යාලයේදී එක්වෙමින්.

'' අද අපි දකිනවා, සට කපටිකම් ක්‍රියාත්මක කරන්නේ ජනතාවට විරුද්ධව, රටේ ජාතික අවශ්‍යතාවයට විරුද්ධව. සට කපටිකම් උපයෝගී කරගෙන මුළු ජන සමාජයම ව්යාකූල කරනවා. විවිධ දේවල් ක්‍රියාත්මක කරනවා , ජනතාව අන්දවනවා, ජනතාව රවට්ටනවා. බොරු තොරතුරු ස්ථාපනය කරනවා. බොරුවෙන් කොහොම හරි රට විනාශ වුණත්, තමන්ගේ පැවැත්ම උදෙසා කරන්න පුළුවන් ජහ ජරා දේවල් ඔක්කොම කරනවා. දැන් ඔබගේ ඇස්වලටම පේනවා ඇති, රට තුළ සමාජය තුළ අවිනිශ්චිතභාවයක්.. ව්‍යාකූලත්වයක් , නිර්මාණය කරනවා. මොකද්ද හේතුව විවිධ පුද්ගලයෝ ප්‍රජාත්‍රන්තවාදය අමතක කරලා. ජාතික අවශ්‍යතාවය අමතක කරලා. තමන්ගේ බඩ රැක ගන්න , අන්න ඒ දේ වෙනුවෙන්, රටත් ප්‍රජාත්‍රන්තවාදයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් විකුණන් කන්න ලෑස්තියි.'' 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top