''ඡන්දයට මුදල් වෙන් කිරීමට සූදානම්'' - සියඹලාපිටිය (Video)
Thursday, 18 July 2024 - 9:07 | Views - 227

ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාව මුදල් අමාත්‍යාංශයට ඇති බවත්, අවශ්‍යතා අනුව එම මුදල් ලබා දීමට සූදානම් බවත් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

2024 අයවැය මගින් රුපියල් බිලියන 10ක මුදලක් ඕනෑම මැතිවරණයක් පැවැත්වීම සඳහා වෙන් කර ඇති අතර, රජය දැඩි මූල්‍ය කළමනාකාරීත්වයකින් යුතුව කටයුතු කරන බැවින් එම මුදල් ලබා දීමේ කිසිදු බාධාවක් නොමැති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

මූලික වශයෙන් තැපැල්, මුද්‍රණ සහ ආරක්ෂාව සඳහා වන වියදම් ලබා දීමට සූදානම් අතර අවශ්‍යතා පරිදි අදාළ මුදල් නිදහස් කිරීමට හැකි බව එහි දී නිලධාරීන් විසින් පැවසූ බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.


මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ ඊයේ (17) සාකච්ඡාවක් පැවැත් වූ අතර, ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top