බිහිසුණු බස් අනතුරින් තුවාල ලබා සිටි වෛද්‍යවරිය අවසන් ගමන් යයි..
Wednesday, 17 July 2024 - 16:59 | Views - 524
හලාවත - කොළඹ මාර්ගයේ මාදම්පේ - ගලහිටියාව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටී පසුගිය 04 වනදා උදෑසන බිහිසුණු අනතුරක් සිදුව තිබුණා.

එම අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරියක් ජීවිත්කෂයට පත්ව තිබෙනවා.

නාත්තන්ඩිය දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු මවක් වු හලාවත රෝහලේ නොමේරු ඒකකයේ සේවය කරමින් සිටි වෛද්‍යවරියක වන සේපාලිකා වනමලි නැමති 37 හැවිරිදි කාන්තාවක් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය දිනක හලාවත දෙටස ධාවනය වූ ලංගම බස්රථයකට වේගය පාලනය කරගැනීමට නොහැකිව, පුත්තලම දෙසට ධාවනය වූ සිමෙන්ති ලොරියක ගැටී අනතුර සිදුවූ අතර අනතුරින් පුද්ගලයින් 27 දෙනෙකු පමණ තුවාල ලැබුවා.

සිය දරුවා පාසලට රැගෙන ගොස් ඉංජීනේරුවරයකු වන සැමියා සමඟ දේවාල හංදිය දක්වා ගමන් කිරීමට මෙම වෛද්‍යවරියත් වෙන්නප්පුව ප්‍රදේශයෙන් ලංගම බසයට ගොඩ වී තිබෙනවා.

වෛද්‍යවරිය හලාවත මහ රෝහලට සේවය සඳහා, පැමිණෙමින් සිටියදීයි මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්වී තිබුණේ. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top