අම්බලන්ගොඩ ඝාතනය ආන්දෝලනාත්මක කරුණු රැසක් එක්ක එළියට.. (Video)
Wednesday, 17 July 2024 - 9:57 | Views - 591

අම්බලන්ගොඩ බෝගහවත්ත, කන්ද මාවතේ නිවසක් ඉදිරිපිට නිවෙස් හිමියාට වෙඩි තබා ඝාතනය කර සැකකරුවන් පලාගොස් ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසනවා..මියගොස් ඇත්තේ හිනිදුමගේ ධම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි නම් 41 හැවිරිදි දෙදරු පියෙක්..මොහු 2002 වසරේ 19පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කළ අයෙක්. පසුව ඔහු විදෙස් රැකියාවකද නිරතව සිට තිබෙනවා..නිවස ආසන්නයේ ඇති අවමගුලකට යාමට සූදානම්ව සිටි මෙම පුද්ගලයා, ඊයේ රාත්‍රි 9.30ට පමණ නිවස ඉදිරිපිට ඔහුගේ යතුරුපැදිය අසල දී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ.සැකකරුවන් නිවස පිටුපස ඇති පාළු ඉඩමෙන් පැමිණ, බෝර 12 උණ්ඩ යොදන ගිනි අවියකින් වෙඩිතබා පා ගමනින්ම පළාගොස් ඇති බවයි සඳහන්. එම ස්ථානයේ තිබිබෝර 12 උණ්ඩ කොපුවක්ද හමුව තිබෙනවා..මියගිය පුද්ගලයා ආදා දොල මානවඩුගේ කණ්ඩායමේ සාමාජිකයෙකු බවත් බූරුවාපිටි මංකොල්ලකෑම්වලට සම්බන්ධයක් ඇති බවත් පොලිසිය සඳහන් කර තිබෙනවා..විදෙස් රටක සේවය කරමින් සිට ඇති මොහු මීට මාස 03කට පෙර මෙරටට පැමිණ ඇති බවද වර්තා වෙනවා..කෙසේ වෙතත්, මෙම ඝාතනය පාතාල ක්‍රියාවක්ද නැද්ද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශන අම්බලන්ගොඩ පොලිසිය සිදුකරනු ලබනවා..

Share This Article