ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා දිවි රඟ මඩලට සමුදෙයි..
Tuesday, 16 July 2024 - 16:04 | Views - 302

අසහාය රංගන ශිල්පියෙකු වූ ප්‍රෙඩී සිල්වාගේ බිරිඳ වන රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (16) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.


ඇය අභාවප්‍රාප්ත වන විට 68 වන වියේ පසු වූවා.

1984 ජය සිකුරු චිත්‍රපටියෙන් සිනමා ගමන ඇරඹු ඇය ඉන් පසු චන්ඩියාගේත් චණ්ඩියා ,නැව ගිලුණත් බෑන් චූන්, නොම්මර 17, රන්දෙණිගල සිංහයා, යුක්තියට වැඩ, වලව්වේ හාමු ,ජය කොතනද, සේයා, ඩොක්ට නවරියන්, කොලොම්පූර්, ඔක්කොම හොඳටයි. ජීවන් මල්ලි, අලිබබා සහ හොරු හතළිහ, හෙලෝ මයි ඩාලින් වැනි චිත්‍රපට 58 කට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඇය අවසාන වරට රංගනයෙන් දායක වී තිබුණේ, 2018 වසරේ පුංචි අන්දරේ චිත්‍රපටයේ යි.

එසේම, ජනප්‍රිය සිනමාකරු හේමසිරි සෙල්ලපෙරුමගේ චිත්‍රපට රැසකටම ඇය රංගනයෙන් දායක වී තිබුණා.

පසුව අසනීප තත්ත්වය නිසාවෙන් , ඇය දිගු කලක් රංගනයෙන් ඈත් වී සිටියා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top