ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා දිවි රඟ මඩලට සමුදෙයි..
Tuesday, 16 July 2024 - 16:04 | Views - 303
අසහාය රංගන ශිල්පියෙකු වූ ප්‍රෙඩී සිල්වාගේ බිරිඳ වන රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (16) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය අභාවප්‍රාප්ත වන විට 68 වන වියේ පසු වූවා.
1984 ජය සිකුරු චිත්‍රපටියෙන් සිනමා ගමන ඇරඹු ඇය ඉන් පසු චන්ඩියාගේත් චණ්ඩියා ,නැව ගිලුණත් බෑන් චූන්, නොම්මර 17, රන්දෙණිගල සිංහයා, යුක්තියට වැඩ, වලව්වේ හාමු ,ජය කොතනද, සේයා, ඩොක්ට නවරියන්, කොලොම්පූර්, ඔක්කොම හොඳටයි. ජීවන් මල්ලි, අලිබබා සහ හොරු හතළිහ, හෙලෝ මයි ඩාලින් වැනි චිත්‍රපට 58 කට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඇය අවසාන වරට රංගනයෙන් දායක වී තිබුණේ, 2018 වසරේ පුංචි අන්දරේ චිත්‍රපටයේ යි.
එසේම, ජනප්‍රිය සිනමාකරු හේමසිරි සෙල්ලපෙරුමගේ චිත්‍රපට රැසකටම ඇය රංගනයෙන් දායක වී තිබුණා.
පසුව අසනීප තත්ත්වය නිසාවෙන් , ඇය දිගු කලක් රංගනයෙන් ඈත් වී සිටියා.
Share This Article