ක්ලබ් වසන්තගේ බිරියට මල්වඩමක්.. (Video)
Tuesday, 16 July 2024 - 9:57 | Views - 884
කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත්, ක්ලබ් වසන්තගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය සතුටුදායක මට්ටමක නොමැති බව වාර්තා වෙනවා.
මේ අතර, පසුගියදා නාඳුනන පුද්ගලයෙකු විසින් ඇය වෙත මල්වඩමක් යවා තිබෙනවා.
එම සිද්ධියෙන් පසු ඇය ප්‍රතිකාර ලබා ගන්නා රෝහල අවට විශේෂ ආරක්ෂාවක් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, පසුගියදා අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ , ක්ලබ් වසන්තට සහ ඔහුගේ බිරිඳට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් , ක්ලබ් වසන්ත ඝාතනය වූ අතර, ඔහුගේ බිරිඳ බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
එම වෙඩි ප්‍රහාරයේදී ඇයට වෙඩි උණ්ඩ අටක් වැදී තිබූ අතර, මේ දක්වා ඇය සැත්කම් තුනකට භාජනය කර තිබෙන බවයි සඳහන් වුණේ.
Share This Article