ලොවක් කතා කළ විවාහයට ආ පිරිසට ලැබුණු සුපිරි තෑගි මෙන්න..
Tuesday, 16 July 2024 - 8:19 | Views - 562
ආනන්ත් අම්බානිගේ විවාහයට පැමිණි පිරිස් සඳහා ඉන්දීය රුපියල් කෝටි 2ක වටිනාකමකින් යුතු අත් ඔරලෝසු ලබා දී තිබෙනවා.
ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ත් අම්බානිගේ විවාහ උත්සවයට පැමිණි ඔහුගේ සමීපතම මිතුරන්ට ඉන්දීය රුපියල් කෝටි 2ක වටිනාකමකින් යුතු අත් ඔරලෝසුව බැගින් තෑගි ලබා දී තිබෙනවා.
විදෙස් සඳහන් කරන්නේ, මෙම අත් ඔරලෝසු ෂාරුක් ඛාන්, රන්වීර් සිං ඇතුළු පිරිසකට ලබා දී ඇති බවයි.
තවත් බොහෝ දෙනෙකුට අධික මිලැති අත් බෑගයන්, රන් මාල සහ නවීන පන්නයේ පාවහන් තෑගි කර ඇති බවද සඳහන්.
එමෙන්ම, අම්බානි පවුල ද එදා දිනයේ ලොව මිල අධිකම ආයිත්තම්වලින් සැරසී සිට ඇති බවයි සඳහන් වන්නේ.
Share This Article