වේගයට සීමාවක් ගැසට් පත්‍රය එළියට , රියදුරන්ට මෙන්න අලුත්ම පණිවුඩයක්..
Friday, 12 July 2024 - 11:19 | Views - 433
මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා, වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන නීති රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි සති දෙක ඇතුළත නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
අද (12) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එසේම, මාර්ග ආශ්රිත වේග පාලනය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර මිලදී ගැනීම වෙනුවෙන්, රුපියල් මිලියන 50ක මුදලක් , ශ්‍රී ලංකා පොලීසියට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ලබා දීමටද නියමිතයි.
තවද , පාසල් මට්ටමින් මාර්ග ආරක්ෂණ සංසඳ (Road Safety Club) පිහිටුවීමට අවශ්‍ය කෙරෙන අත්පොත් ගුරුවරුන්ට ලබාදීමට ද කටයුතු කර තිබෙන බව මෙහිදී වැඩිදුරටත් සඳහන් වුණා.
Share This Article