ක්ලබ් වසන්තගේ අවසන් මොහොත, ලොකු පැටීලා සජීවීව බලලා ? (Video)
Friday, 12 July 2024 - 10:16 | Views - 1,314
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ටැටූ ව්‍යාපාරික ආයතනය විවෘත කිරීමට පැමිණි මොහොතේ සිට වෙඩි තබා ඝාතනය කරන ආවස්ථාව වන තෙක් සිදුවීම් සියල්ල ඝාතන සැලැස්ම සිදු කළේ යැයි කියන ඩුබායි රටේ රැගෙන සිටින සංජීව පුශ්පකුමාර නොහොත් ලොකු පැටී සජීවීව නරඹා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙම සැලැස්ම ක්‍රියාත්මක කරන ආකාරය ඔහු සිය ජංගම දුරකතනය හරහා මෙසේ සජීවිව නරඹා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජීවිතක්ෂයට පත් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ලේ පිහිටි මල් ශාලාවක තැන්පත් නොකරන ලෙස එම මල්ශාලාවට තර්ජන එල්ල වී ඇති බව බොරැල්ල පොලිසිය පවසනවා.

විදේශයක සිට ලැබී ඇතැයි කියන ඇමතුමක් හරහා එම තරජනය එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ මල් ශාලාව විසින් බොරැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ද යොමු කර තිබෙනවා.

ඒ අනුව, අදාළ මල්ශාලාවේ ආරක්ෂාව තර කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර, අදාළ සිද්ධිය හේතු කොටගෙන බොරැල්ල පොලිස් ස්ථානයේ ද ආරක්ෂාව තර කර තිබෙනවා. 








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top