ඉහළ යන අවදානම , හරි හරියට බෝවෙන ඉන්ෆ්ලුවෙන්සා..
Thursday, 11 July 2024 - 10:15 | Views - 217
ළමුන් අතර, මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
එසේම, එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා යොමුවිය යුතු බවද සඳහන්.
තවද මෙම රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් හා පෙර පාසල් යැවීමෙන් වැලකී සිටීම මඟින් රෝගය එක් දරුවෙකුගෙන් තවත් දරුවෙකුට බෝ වීම වළක්වා ගත හැකි බවත්, එමඟින් රෝග ව්‍යාප්තිය පාලනය කර ගත හැකි බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article