බාධක බිඳගෙන අමුතු තැනකට ගිය , ලාංකික දිරිය දියණිය..
Thursday, 11 July 2024 - 8:31 | Views - 391
සමහර වෙලාවට කාන්තාවන් ව සමාජය විසින් සීමා කරනවා.. ඔයාට ඕක කරන්න නම් බෑ කියලා..

මේ කියන්න යන්නේ, ඒ සීමාවල් බිඳගෙන ලෝකයක් ජයගත්තු ලාංකික දියණියක් ගැන ...

නයෝමි අමරසිංහ, ඇය කවුද..? ඇය විශේෂ වෙන්නේ ඇයි..? මගී ප්‍රවාහන නෞකාවක සේවය ඇරඹූ ශ්‍රී ලංකාවේ පළමු නාවික කත බවට පත්වෙන්නට නයෝමිට පුළුවන් වෙලා..

ඇය මේ තරම් විශේෂ වෙන්නේ මගී නෞකාවක පිරිමින්ගේ රස්සාවකට ගිය පළමු ශ්‍රී ලාංකික කත නිසායි.. ඇය මගී ප්‍රවාහන නෞකාවක සේවය වෙනුවෙන් ‘ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු නාවික කත’ බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසනවා..

ඇය මේ වන විට තිස් හැවිරිදි වියේ පසුවන අතර, ගාල්ලේ උපත ලබා ඇති නයෝමි උසස් පෙළ තෙක් ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ අධ්‍යාපනය ලබා තිබෙනවා..

ඉතින් බලන්නකෝ, විදෙස් මාධ්‍යට අදහස් දක්වමින් ලාංකික දිරිය දියණිය කියලා තියෙන දේ..

“මගේ අම්මා මේකට මුලින් කැමති වුණේ නෑ. මගේ අයියාත් නාවික හමුදාවේ හිටියේ. එයත් නැවක වැඩ කරලා තියෙනවා. එයා නම් කැමති වුණා. ඒත් කෙල්ලෙකුට මේ රස්සාව හරියන්නෙ නෑ කියලා අම්මා විරුද්ධ වුණා. ඒත් මම දැන් ඉන්න තැන ගැන හිතලා අම්මා ගොඩක් සතුටු වෙනවා”
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top