'' උඹයි,මමයි මහණ වුණේ එක දවසේ.. මට උඹට නයන වාසුල කියලා පුරුදු නෑ..මට උඹ එදත් මහානාම..අදත් මහානාම..'' (Photos)
Tuesday, 09 July 2024 - 13:06 | Views - 1,913

අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් තුළ දී වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය අද (09) පස්වරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන ඒමට නියමිතයි..

මේ අතර, මෙම සිද්ධියේදී මියගිය අනික් පුද්ගලයා වූ , ක්ලබ් වසන්ත නැමැත්තාගේ ආරක්ෂකයකු බවට සඳහන් වෙන පුද්ගලයා ගැන මේ වන විට සමාජ මාධ්‍යයේ බොහෝ කතා බහට ලක්වෙනවා.

පහතින් දක්වා ඇත්තේ, ඔහු ගැන සමාජ මාධ්‍යයේ හුවමාරු වූ තවත් කතාවක්..

උපුටා ගැනීම...

'' උඹයි,මමයි මහණ වුණේ එක දවසේ..උපසම්පදා වුණේ එක දවසේ..උඹයි මායි එක වයසේ..උඹ සිල් රකින්න බෑ කියද්දී ,උඹව බලෙන් වාහනේ දාගෙන ගිහින් උපසම්පදාවේ වාඩි කෙරෙව්වේ මම..ඒත් උඹ බණට මට වඩා දක්ෂයි..උඹ කවියක් කියද්දී ඒ හඩට වශී නොවුනේ කවුද? උඹේ රෑපෙට වශී නොවුන කෙනෙක් ඒ දවස් වල ධර්ම ශාලාවේ හිටියේ නෑ..උඹ දවසින් දවස ජනප්‍රිය වෙද්දී බණ පොතක් කියවන්න කම්මැලි උඹට බණට යන ගමන් සූත්‍ර කියලා දුන්නේ මම..උඹ උපන්නෙම සිවුරට..උඹ ගැලපුනේම සිවුරට..ඒත් අන්තිම කාලේ උඹ දවසින් දවස වෙනස් වෙද්දී,මං උඹගේ වැරදි හදාගනින් කියද්දී උඹ මාත් එක්ක තරහා වුනා...මට උඹට නයන වාසුල කියලා පුරුදු නෑ..මට උඹ එදත් මහානාම..අදත් මහානාම..මගේ සහෝදරයා මහානාම උඹට නිවන් සුව ලැබේවා..!

මම උඹට හැමදාම ආදරේ කරපු ඤාණතුසිත.. ''

මෙම සටහනින් කියලා තියෙන්නේ. අතුරුගිරියේ වෙඩි තැබීමෙන් මියගිය නයන නම් පුද්ගලයා මිට පෙර සිවුරු දරා සිටි අයෙකු බවයි. තවමත් ඔහු සිවුරු දරා සිටියා නම් මෙවන් විපතක් නොවනු ඇති බව ඔහු දන්නා අඳුනන වුන් සිතනවා වන්නට පුළුවන්..

කෙසේ හෝ ඔහු දැන් යන්නටම ගිහින් ඇති නිසාවෙන් , කවුරු මොන යම් දේ කීවද , ඔහුට සිදුවූ දේ දන්නේ.. ඔහුම පමණක් බවද සැබෑවකි... 

No description available.

No description available.

No description available.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top