"මේ මරණය සැක සහිතයි.." සිසුවාගේ පියා කියයි.. අල්ටෙයාර් නිවාස සංකීර්ණයේ සිද්ධිය සම්බන්ධයෙන් ඇසෙන අලුත්ම කතාව..
Tuesday, 09 July 2024 - 12:40 | Views - 353
මොවුන් දෙදෙනාගේ දිවි අහිමිවීම පිටුපස ඇත්තටම වෙන සැඟවුණු කතාවක් තියනවාද..?

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාවක්.. අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ මරණය සැකසහිත බවට සිසුවාගේ පියා ප්‍රකාශ කර තිබෙනවා.. එබැවින් ඔවුන්ගේ මරණයට සැකසහිත බවට පුද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීමට අවසර ලබා දෙන ලෙස නීතිඥ අසංක දයාරත්න ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා..

එහිදී කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර කියා සිටියේ එම සිසුන් දෙදෙනාගේ මරණය සැකසහිත බවට පුද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවත් මරණයක් සැකසහිත බවට චෝදනා ගොනුකළ යුත්තේ පොලිසිය බවත්ය..

දැනටමත් කොම්පඤ්ඤවීදිය පොලිසිය බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇති බැවින් එහි ගොනු අංකය ලබාගෙන අදාළ පැමිණිල්ල පොලිසියට සිදුකරන ලෙසද මහේස්ත්‍රාත් කෝසල සේනාධීර පවසා තිබුණා..

කොම්පඤ්ඤවීදිය පොලිසිය පසුගියදා බී වාර්තාවක් මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර එහිදී 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකතනවල ඇතුළත් කර තිබූ සිම් කාඩ්පත්වලට අදාළ දුරකතන ඇමැතුම් දත්ත වාර්තා කොම්පඤ්ඤවීදිය පොලිසියට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර අදාළ දුරකතන සේවා සපයන සමාගම්වලට නියෝගයක්ද නිකුත් කර ඇති අතර,මියගිය සිසුවා සහ සිසුවිය අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ සිටි ඔවුන්ගේ මිත්‍රයකු මුණ ගැසීමට ගොස් ඇති බවත්, එම මිත්‍රයා පාකිස්තාන ජාතිකයකු බවත් එම අවස්ථාවේදී කොම්පඤ්ඤවීදිය පොලිසිය ප්‍රකාශ කර තිබුණා..

එම පකිස්තාන ජාතික සිසුවාගේ පියා පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ තානාපති වරප්‍රසාද ඇති ඉහළ නිලධාරියෙකුගේ පුතකු වූ බැවින් එම සිසුවාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපොහොසත් වූ බවද එහිදී කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසා තිබුණා..

ලංකාදීප ඇසුරෙන්.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top