අතුරුගිරියේ වෙඩි වරුසාව , කෝටි ගණනක ගනුදෙනුවක් ද ? සුලමුල හොයද්දී හෙළිවෙන අමුතු තතු.. (Video)
Tuesday, 09 July 2024 - 10:43 | Views - 6,458
ක්ලබ් වසන්තට මෙම ආරාධනාව ලැබුණේ කොහෙන්ද ..? ඒ ගැන අමුතු අමුතු කතා ඇසුණත් , නවතම ඇත්ත කතාව තමයි මේ..

මෙම නව ටැටූ ආයතනය විවෘත කිරීම සඳහා ක්ලබ් වසන්තට ආරාධනා පත්‍රය යොමු කර ඇත්තේ, දකුණු පළාතේ ධනවත් ව්‍යාපාරිකයකු හරහා බවටයි මේ වන විට තොරතුරු ලැබී ඇත්තේ.

දකුණු පළාතේ මෙම ධනවත් ව්‍යාපාරිකයා මඟින්, ඝාතකයින්ට ඔත්තුව ලැබුණේ දැයි යන්න ගැන පොලිස් පරීක්ෂණ තවමත් සිදුවෙනවා.

එසේම, ටැටූ නිර්මාණකරුවකු වන දුලාන් සංජුල නැමැත්තා මෙම ටැටූ මෝස්තර නිර්මාණ මධ්‍යස්ථානයේ හිමිකරු වන අතර, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ පිහිටි මෙම ටැටූ මෝස්තර නිරූපණ මධ්‍යස්ථානය විවෘත කිරීමට විශේෂ අමුත්තෙක් වශයෙන් පැමිණි කෝටිපති ව්‍යාපාරික රාජපක්ෂ දොන් වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත්, ක්ලබ් වසන්ත එය විවෘත කරමින් සිටි අතරවාරයේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වී තිබුණා..

වෙඩි ප්‍රහාරයේදී මෙම කෝටිපති ව්‍යාපාරිකයා සමඟ පැමිණි අයෙක්ටද මෙම වෙඩි ප්‍රහාරයෙන් ජීවිතය අහිමි වුණා. ඔහු ක්ලබ් වසන්ත නමැත්තාගේ ආරක්ෂකයකු බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, ඊයේ උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාලව සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම, අත්අඩංගුවට පත් එම පිරිස අතරට , අදාළ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුද අයත් වන බවයි පොලිසිය සඳහන් කළේ. 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top