කේ. සුජීවා ගැන ජාතික රෝහලෙන් ඇහෙන අලුත්ම ආරංචිය.. (Video)
Tuesday, 09 July 2024 - 9:52 | Views - 4,435
ඊයේ (08) උදෑසන අතුරුගිරියේදී සිදුකළ වෙඩි වැදීමෙන් ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී , හතර දෙනෙකු රෝහල් ගත කළ අතර, තුවාල ලැබූ පිරිස අතර ප්‍රසිද්ධ ගායන ශිල්පී කේ. සුජීවා ද වුණා.
කෙසේ වෙතත්, පසුව K සුජීවා ශල්‍යකර්මයකට භාජනය කර තිබුණා.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන හිරු පුවත් අංශයට සඳහන් කළේ, ප්ලාස්ටික් ශල්‍යවේදීන්, වැස්කියුල ශල්‍යවේදීන්, ඕතොපිඩික් ශල්‍යවේදීන් සහ සාමාන්‍ය ශල්‍යවේදීන් යන කණ්ඩායම් හතරක් ශල්‍යකර්මයට සහභාගි වූ බවයි.
එම ශල්‍යකර්මයෙන් පසුව ඇයව සාමනය වාට්ටුවකට ඇතුළත් කර බවද කොළඹ ජාතික රෝහල සඳහන් කළා.
තත්ත්වය මේ වනවිට යහපත් බවත්, කකුල කපා දැමීමකින් තොරව බේරාගැනීමට හැකි වූ බවද මෙහිදී සඳහන් වුණා.
Share This Article