අතුරුගිරියේ වෙඩි තැබීමට 06ක් අත්අඩංගුවට, අදාල ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුද ඒ අතර..
Tuesday, 09 July 2024 - 6:55 | Views - 642

අතුරුගිරියේ ව්‍යාපාරික ස්ථානයක් තුල ඊයේ (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාලව සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


එම පිරිසට, අදාල ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුද වන බවයි පොලිසිය සඳහන් කළේ.

අතුරුගිරිය, ඔරුතොට ප්‍රදේශයේ ටැටූ කලාගාරයක් විවෘත කිරීමේ උත්සවයකදී පැමිණ සිටි පිරිසට වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ ඊයේ පෙරවරුවේදී යි.

එහිදී වෙඩි වැදීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ජීවිතක්ෂයට පත් වූ අතර, ජනප්‍රිය ගායිකාවක වන කේ. සුජීවා ඇතුළු 05 දෙනෙකු බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කරනු ලැබුවා.

එහිදී බරපතළ තත්ත්වයේ සිටි තවත් අයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, ක්ලබ් වසන්තගේ බිරිඳද වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබුවා.

පොලිසිය විසින් සිදුකළ විමර්ශන අතරතුරදී සැකකරුවන් විසින් පැමිණ, වෙඩිතබා පලා ගිය මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ අතහැර දමා පලාගොස් තිබියදී සොයා ගැනුනේ ඊයේ පස්වරුවේයි.

අනතුරුව එම ස්ථානයේ සිට වෙඩික්කරුවන් පලාගිය සුදු පැහැති වෑන් රථය බුලත්සිංහල, දෙල්මැල්ල ප්‍රදේශයේ දමාගොස් තිබියදී ඊයේ රාත්‍රියේ සොයා ගැනීමට සමත් වුණා.

එමෙන්ම, අතුරුගිරියේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් 10ක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන් කරනු ලැබුවේ.



 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top