හැම වෙලාවකම වගේ අදත් ඒ තුන්දෙනා එකටමයි.. වෙඩි වැදුණු කේ.සුජීවාගේ නවතම තත්ත්වය.. (Video & Photos)
Monday, 08 July 2024 - 13:11 | Views - 3,749
ඔවුන් තිදෙනා ගොඩක් ආදරණීයව කාලය ගත කළා..නොසිතූ මොහොතක තමගේ අම්මාට සිදුවුණ මේ සිදුවීම අංජලීත්, රෝස්නුත් කොහොම නම් දරාගන්නවා ඇතිද..?හැමදාම වගේ අදත් ඒ අය හිටියේ එකටමයි.. අම්මාට මේ නොසිතූ අනතුර වෙන මොහොතේ පවා ඔවුන් දෙදෙනා අම්මාගේ ළඟම සෙවනක් වගේ හිටියා..එහිදී හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කළ ඇයව කොළඹ ජාතික රෝහල වෙත හදිසි ප්‍රථිකාර සඳහා මාරුකර යවා තිබෙනවා.. ඉතින් මේ කණගාටුදායක පුවත ඇසුනු බොහෝ දෙනෙක් ඒ ගැන දුක්වුණේ, ඔවුන්ගේ ඒ ආදරය නිසාම වෙන්න ඇති..ආදරණීය දියණියන් දෙදෙනෙකුගේ මවක් වන අපේ රටේ දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවාට සමාජ මාධ්‍ය තුළත් බොහෝ දෙනෙක් ඉක්මන් සුව ප්‍රාර්ථනා කර තිබුණා..


Share This Article