ලොකු ලොකු ගණන් දීලා සුදු වෙන්න ගියා නම්, ඔයාත් අමාරුවේ.. (Video)
රූපලාවන්‍ය ආලේපන සහ විලවුන් උපකරණ සම්බන්ධයෙන් දැඩි නීතියක් රට තුළ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා..
විලවුන් සහ උපකරණ නියාමනය පිළිබඳව නීතියක් අප රට තුළ නොමැතිවීම හේතුවෙන් අනාගතයේදී අවාසනාවන්ත මරණ, රෝග සහ ආසාත්මිකතාවයන් වාර්තා විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ..
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට ද ප්‍රකාශ කළේ ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ආලේපන සහ විලවුන් පිළිබඳ නියාමනයක් නොමැතිවීම හමුවේ ඉදිරියේදී දැඩි ගැටලුකාරී තත්වයන් උද්ගත විය හැකි බවයි..
මේ අතර ප්‍රමිතියෙන් තොර ආලේපන සම්බන්ධයෙන් හිරු රතු මිනිත්තුව වැඩසටහනෙන්ද පසුගියදා සංවාදයට ලක් වුණා..
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා ප්‍රකාශ කළේ ප්‍රමිතියෙන් තොර ආලේපන සඳහා නව නීති සම්පාදනය නොකළහොත් මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්වය දැඩි අර්බුදයට ලක්වනු ඇති බවයි..