අද සහ හෙට ලෙඩ වෙන , රාජ්‍ය සේවය..
Monday, 08 July 2024 - 9:22 | Views - 561
රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයට අයත් වෘත්තීය සමිති 200ක නියෝජිතයින් අද (08) සහ හෙට (09) අසනිප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගය නිරත වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

එමෙන්ම විදුහල්පතිවරු සහ ගුරුවරුන්ද යළිත් වරක් හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව, මෙම වර්ජනයට අමාත්‍යාංශ, රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල, තැපැල්, දුම්රිය, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ඇතුළු රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයට අයත් සියලුම වෘත්තීය සමිති එක්වනු ඇති.

එමෙන්ම, ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනේ තැපැල් කාර්යාලවල සියලු‍ම සේවකයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළේ යළිත් වරක් සියලු‍ ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් හෙට දින මෙම වර්ජනය සඳහා සහය පළ කරන බවයි.

කෙසේ වෙතත්, සමස්ත ලංකා හෙද සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සදහා සහයෝගය දක්වන්නේ නැහැ.
 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top