විදේශ රැකියාවකට ඉල්ලුම් කිරීමට පළමුව , ඔබ කළ යුත්තේ.. ?
Friday, 05 July 2024 - 15:06 | Views - 331
පසුගිය දිනවල දිගින් දිගටම විදේශ රැකියා ජාවාරම් පිළිබඳ තොරතුරු දැනගන්නට ලැබුණු අතර, එසේ තිබියදී ද ජනතාව දිගින් දිගටම මෙවැනි වංචා සහගත සිදුවීම්වලට අසුවෙනවා දක්නට ලැබෙනු ඇති.

ඒ හෙයින් ජනතාවගේ දැනුවත් වීම පිණිස , මේ තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම් දෙනු ඇති.

ඔබ විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න පළමුවෙන් සොයා බැලිය යුතු වෙනවා.

එසේම, වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියාව සඳහා වලංගු රැකියා ඇණවුමක් ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මඟින් දැනගැනීමේ හැකියාව තිබෙනවා.

කෙසේ වෙතත්, විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් , විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටින්නේ ඉහත තොරතුරු සොයා බැලීමෙන් අනතුරුව පමණක් විදේශ රැකියා සඳහා ඉල්ලුම් කිරීමට කටයුතු කරන ලෙසයි.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top