හිතට සහනයක් , අවදානම පහළට..
Friday, 05 July 2024 - 12:48 | Views - 440
ගෙවුණු සතිය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 846ක් වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ , කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කයන් හි පිළිවෙළින් රෝගීන් 269ක් සහ 146ක් ලෙසයි..
ඩෙංගු රෝගීන් වාර්තා වීමේ දී තෙවන ස්ථානය ගත් මහනුවර දිස්ත්රික්කයේ ගෙවුණු සතිය තුළ ඩෙංගු රෝගීන් 93ක් වාර්තා වී තිබෙනවා.
කෙසේ වෙතත්, 2023 වර්ෂයේ පළමු මාස 6 තුළ ඩෙංගු රෝගීන් 49,548ක් වාර්තා වී ඇති අතර, 2024 වර්ෂයේ ගෙවුණු මාස 6 තුළ ඩෙංගු රෝගීන් 28,239ක් වාර්තා වී තිබෙනවා.
මෙය , 2023 වර්ෂයේ පළමු මාස 6ට සාපේක්ෂව බලන කළ රෝගීන් 21,309ක අඩුවීමක්.
Share This Article