අද ජූලි 4 වැනිදා...ඔබ මේ වනවිටත් දවසේ වැඩ කටයුතු ආරම්භ කරලා ඇති.
හැබැයි අද පොඩ්ඩක් විශේෂ දවසක් , දන්නවද ?
අද තමයි ලෝක කොස් දවස.එහෙමත් නැත්නම් අපි කන කොස් ගෙඩිය සමරන්නේ අද වගේ දවසක.පෝෂණ බලාගාරයක් විදිහට හඳුන්වන කොස් වල ගුණ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.ලාංකීය සමාජය දෙවැනි බත ලෙස හඳුන්වන කොස් මොන තරම් නම් අපිට ලඟ ආහාරයක්ද කියන එක ඔබ දන්නවා . ඒ වගේම පලතුරක් විදිහටත් කොස් ජනප්‍රියයි.1563 දී පෘතුගීසි ජාතික ගාර්ෂියා ඩා ඔර්තා විසිනුයි කොස් ‘චක්කා’ ‘ජකා’ ලෙස හඳුන්වා තිබෙන්නේ.
2018 වසරේදී ඉන්දියාවේ කේරළය, කොස් එහි නිල රාජ්‍ය පලතුර ලෙස ප්‍රකාශයට පත් කරමින්, සංස්කෘතික හා ආර්ථික වශයෙන් එහි වැදගත්කම තහවුරු කර තිබෙනවා.
