ප්‍රවීන හා ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඇය 89 හැවිරිදි වියේ පසුවුණා.
ඇය ශ්‍රී ලංකා ගුවන්විලි සංස්ථාවේ නිවේදිකාවක් ලෙස 1963 දී සේවයට බැඳී ඇති අතර, අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් වරියක් ලෙස සේවයෙන් විශ්‍රාම ලබා ඇත්තේ 1984 වසරේ දීයි.
එසේම , ඇය ප්‍රවීණ සාහිත්‍යවේදී දිවංගත කේ. ජයතිලකගේ බිරිඳ ද වනවා.
තවද , ගුවන් විදුලියේ හඳ මාමා වැඩසටහනේ හඳ නැන්දා ලෙසින් ඇය පොඩිත්තන් අතර වගේම කා අතරත් , ජනප්‍රියයි.