මොරැල්ලා වර්ගයේ මත්ස්යයකු ගෙලට ඇනීමෙන් යාපනය ගුරු නගර් ප්රදේශයේ ධීවරයකු මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා දිනපතා ධීවර කටයුතුවල යෙදෙන්නෙක් වන අතර මොහු පසුගියදා ද සුපුරුදු පරිදි යාපනය පන්නෙයි ප්රදේශයේ මුහුදේ බැස සාම්ප්රදායික ආකාරයට කරක් ගැසීමෙන් මාළු ඇල්ලීමේ යෙදී ඇත.
ඒ අවස්ථාවේ මොරැල්ලා වර්ගයේ මත්සයකු එක්වරම එම ධීවරයාගේ ගෙල ප්රදේශයට ඇන තිබේ.
එසේ ඇනීමෙන් එම ධීවරයා එතනම මියගොස් ඇති බව සදහන්.
මෙම මොරැල්ලා වර්ගයේ මත්සයන් දියේ ඉගිලීමට හැකි සත්ත්වයෙක් වන අතර මෙම මත්සයා පහරදීම ද සිදු කරන බව ධීවරයෝ පවසනවා.
මොරැල්ලා මත්සයාට දිගු හොටක් ඇති අතර එම හොට ඇනීමෙන් පසු යළි ආපසු ගැනීමට නොහැක්කේ එම හොට දිගට අනෙක් පසට නිර්මාණය වී ඇති කටු හේතුවෙනි.
එම කටු ඇනීමෙන් කිසිදු අවස්ථාවක ආපසු ගත නොහැකිය.
මෙම මත්සයාගේ ඇනීමෙන් එම ධීවරයා එතනම මියගොස් ඇති අතර ඔහු ගුරු නගර් ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි දෙදරු පියෙකි.
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ යාපනය රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි.