මසුන් ඇල්ලීමට ගිය ධීවරයාට, මත්ස්‍ය ප්‍රහාරයකින්ම අවසන් ගමන් යන්න වෙලා..
Wednesday, 03 July 2024 - 14:38 | Views - 485
මොරැල්ලා වර්ගයේ මත්ස්‍යයකු ගෙලට ඇනීමෙන් යාපනය ගුරු නගර් ප්‍රදේශයේ ධීවරයකු මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා දිනපතා ධීවර කටයුතුවල යෙදෙන්නෙක් වන අතර මොහු පසුගියදා ද සුපුරුදු පරිදි යාපනය පන්නෙයි ප්‍රදේශයේ මුහුදේ බැස සාම්ප්‍රදායික ආකාරයට කරක් ගැසීමෙන් මාළු ඇල්ලීමේ යෙදී ඇත.

ඒ අවස්ථාවේ මොරැල්ලා වර්ගයේ මත්සයකු එක්වරම එම ධීවරයාගේ ගෙල ප්‍රදේශයට ඇන තිබේ.

එසේ ඇනීමෙන් එම ධීවරයා එතනම මියගොස් ඇති බව සදහන්.

මෙම මොරැල්ලා වර්ගයේ මත්සයන් දියේ ඉගිලීමට හැකි සත්ත්වයෙක් වන අතර මෙම මත්සයා පහරදීම ද සිදු කරන බව ධීවරයෝ පවසනවා.

මොරැල්ලා මත්සයාට දිගු හොටක් ඇති අතර එම හොට ඇනීමෙන් පසු යළි ආපසු ගැනීමට නොහැක්කේ එම හොට දිගට අනෙක් පසට නිර්මාණය වී ඇති කටු හේතුවෙනි.

එම කටු ඇනීමෙන් කිසිදු අවස්ථාවක ආපසු ගත නොහැකිය.

මෙම මත්සයාගේ ඇනීමෙන් එම ධීවරයා එතනම මියගොස් ඇති අතර ඔහු ගුරු නගර් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි දෙදරු පියෙකි.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ යාපනය රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top