බිරිඳ එතෙර ගිය අතරේ.. කාන්තාවන් රැසක් එක්ක දීග කෑ අනංගයා..
Wednesday, 03 July 2024 - 11:38 | Views - 354
කෝටිපති ව්‍යාපාරිකයකුගේ වාහන අලෙවිසලක සේවය කිරීම සඳහා රියැදුරකු අවශ්‍ය බවට පුවත්පත් දැන්වීමක් පළකර තිබෙනවා. 

එම දැන්වීමට අනුව තරුණයකු ඉල්ලු‍ම් කර ඇති අතර ඔහු අදාළ සේවය සඳහා තෝරාගෙන ඇති බව සදහන්.

දින කිහිපයක් යද්දී අදාළ ආයතනයේ කළමනාකාරිණිය වශයෙන් කටයුතු කළ විවාහක තිදරු මවක වන කෝටිපති ව්‍යාපාරිකයාගේ දියණිය සමග ඔහු අනියම් සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබෙනවා.

ඔවුන්ගේ සම්බන්ධය එම කාන්තාවගේ 14 හැවිරිදි දියණියට හසුවී ඇති අතර අනියම් සම්බන්ධය හසුවීමෙන් පසු මොහු එම ආයතනයෙන් ඉවත් කර ඇති ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත්, ජංගම දුරකතන මාර්ගයෙන් ඔවුන්ගේ සම්බන්ධය දිගටම පවත්වාගෙන ගොස් ඇති අතර දින කිහිපයකට පසු තම සැමියාට අයත් මොටර් රථය ද රැගෙන ගූගල් තාක්ෂණය ඔස්සේ මාර්ග සිතියමක් ​උපයෝගි කරගෙන අනියම්පෙම්වතා සිටින ස්ථානයට තම පස් හැවිරිදි දියණිය ද රැගෙන අදාල කාන්තාව පැමිණ තිබෙනවා.

අදාළ කාන්තාවගේ සැමියා පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ පොලිසියට දැනගන්නට ලැබී ඇත්තේ මෙම අනියම් පෙම්වතා මීට පෙර කාන්තාවන් අටදෙනකු සමග අනියම් සම්බන්ධතා ගොඩනගාගෙන ඔවුන් නිවෙසට ගෙනැවිත් එම කාන්තාවන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන් එලවා දමා ඇති බවයි.

මෙම පුද්ගලයාගේ විවාහක බිරිය මේ වනවිට විදේශ රැකියාවක නිරත වන අතර ඔහුට දාව දරුවන් තිදෙනකු සිටින බව ද අනාවරණය වී තිබෙනවා.

දරුවන් තිදෙනකුගේ මවක් බව සිහියේ තබාගෙන මෙවන් අනංගයන්ට රැවැටී තම ජීවිතය විනාශ කර නොගන්නා ලෙස කොතෙක් ඉල්ලා සිටිය ද මෙම කාන්තාව එය ප්‍රතික්ෂේප කොට විවාහක පුරුෂයා හා තම දරුවන් කදුළු සලද්දී ළඟදී විවාහ වූ මනාල ජොඩුවක් මෙන් ත්‍රිරෝද රථයක නැගී අනියම් සැමියා සමග පොලිසියෙන් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top